Monday, March 28, 2022

මල් වට්ටියක් -MAL WATTIYAK



හැකි ඉතාම ඉක්මන් භවයක දහම අවබෝධ කරගනිමින් 
මාර්ග ඵල නිවන් අවබෝධ කිරීමට 
මේ පින් කුසල් 
අප සැමටම හේතු වාසනා වේවා

දානයක් දෙන අවස්ථාවක රාගයෙන්, ද්වේශයෙන්, 
මෝහයෙන් තොරව තුන්සිත් පහදවා, 
තමන්ගේ දෝතින්ම සකසා දිය යුතු අතර 
දිය යුත්තේ තමන් ආශා කරන දෙයක් මිස 
එපා වී අහක දමන දෙයක් නොවිය යුතුයි.

බුදුවරු දෙදෙනෙකු අතර කාලය
එනම් බුද්ධාන්තරයක් අවම වශයෙන් මහා කල්ප තිහක්.
මහා කල්පයකට අන්තර් කල්ප 256ක්, 
අන්තර් කල්පයක් කියන්නේ 
මිනිස් වර්ෂ වලින් අසංඛෙයිය 86,40000ක්.
අසංඛෙයියක් කියන්නේ එකයි බිංදු 140ක්, 
ඒ නිසයි බුදු උපතක් මේ තරම් ම අසිරිමත් වෙන්නේ,

බණ පොතක ආදරය ගැන සටහනක් තබන්නේ 
කල්පයක් ආදරය කළ යශෝධරා උත්තමාවිය පිළිබදව 
අසීමිත ගෞරවයෙන් යුතුවයි. ලෝකයේ දීර්ඝතම ආදර කතාවේ, ඒ කියන්නේ සිදුහත් යශෝදරා ආදර කතාවේ....... 

උප ප්‍රධානාචාර්ය, ශ්‍රී චන්දජෝති දහම් පාසල,
 සුනිල් ඊ. ගුණසිරි මහත්මාණන් විසින් රචිත ධර්ම ග්‍ර‍න්ථයකි.


යම් හෙයකින් ඩවුන්ලෝඩ් කරගැනීමට නොහැකිනම්
ප්‍රථමව ඔබගේ G-Mail Address එක ඇතුලත් කර Join This Site වෙත පිවිසෙන්න

ධර්ම දානය උදෙසා මෙය බෙදාහරින්න

Tuesday, July 23, 2019

ලොව්තුරු සුව සදන ඉවසීම

උස් තැන් දැක් හැකිලෙනවා මිටි තැන් දැක පුප්පනවා

සමහරු ඉවසනවා දුර්වලකම නිසා. ඒ කියන්නේ තමන්ට
පීඩා කරන තැනැත්තා එක්ක හැප්පෙන්න තමන්ට හයියක් නෑ.
ශක්තිය නැතිකම නිසා තමන් දරාගෙන ඉන්නවා.
මිටි තැනක් දැක්කොත් තමන්ට වඩා දුබලයෙක් දැක්කොත්,
ඒ අයට හිංසා පීඩා කරලා තමන්ගේ බලය පෙන්නන්න
උත්සහ කරනවා. තමන්ට වඩා බලවතෙක් දැක්කොත්,
එතනදී බොහෝම යටහත් පහත් කම් පෙන්නලා
ඒ අය වැරදි කලා වුනත් දරාගෙන බොහෝම ඉවසීමෙන්
කටයුතු කරන්න උත්සහ කරනවා.
ඒකටත් ඉවසීම කියලා තමයි ව්‍යවහාර කරන්නෙ.
නමුත් ඒක දුර්වලකම නිසා ඇති කරගන්නා හැගීමක් මිස
පාරමිතාවක් හැටියට කියන උසස් ඉවසීම නෙමෙයි.
සමාජයේ නොයෙකුත් තැලීම් පොඩිවීම් මැද
නොයෙකුත් කම්කටළු මැද ජීවත් වීමට වෙර දරන සමාජයේ
අපිට තේරුම් ගන්න බැරිව ඉන්න
ලොව්තුරු සුව සදන ඉවසීම
සරලව තේරුම් අරගෙන ජීවත් වෙන්න… 


පොකුණුවිට, ශ්‍රී විනයාලංකාරාම වාසී,
පූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහනසේගේ ධර්ම ග්‍ර‍න්ථයකි.


යම් හෙයකින් ඩවුන්ලෝඩ් කරගැනීමට නොහැකිනම්
ප්‍රථමව ඔබගේ G-Mail Address එක ඇතුලත් කර Join This Site වෙත පිවිසෙන්න

ධර්ම දානය උදෙසා මෙය බෙදාහරින්න