History | ඉතිහාසය



ශ්‍රී චන්දජෝති දහම් පාසල
අතීතයෙන් බිඳක්...






ශ්‍රී සාංඝීකාරාම විහාරස්ථ කුළන සමිතියේ අනුග්‍රහයෙන් එවකට විහාරාධිපති කරඳන වාගීශ්වර නායක හිමිපාණන් වහන්සේගේ ආශිර්වාදය මත, කරඳන මාපොටේ චන්දජෝති ස්වාමීන්ද්‍රයන්ගේ මූලිකත්වයෙන් සංඝමිත්තා දහම් පාසල නමින් 1961 වර් ෂයේදී විහාරස්ථානයට අනුබද්ධිතව ස්ථාපිත කෙරිණ.


මිත් දහම් පාසලට අති විශිෂ්ඨ සේවාවක් කල පූජ්‍යපාද මාපොටේ චන්දජෝති හිමිපාණන්ගේ අපවත් වීමෙන් පසු 1977 දී උන්වහන්සේගේ ශ්‍රී නාමය සිහිපත් කිරීම් වස් අපගේ දහම් පාසල ශ්‍රී චන්දජෝති දහම් පාසල යනුවෙන් නම් කෙරුණි.


මෙම වකවානුවේ දහම් පාසලේ විදුහල්පතිවරු වශයෙන්ද, ආචාර් ය මණ්ඩලය වශයෙන්ද, එහි උන්නතිය සඳහා ඇප කැප වීමෙන් කටයුතු කල සියලු දෙනාම කෘතවේදීත්වයෙන් යුතුව ආදරයෙන් සිහිපත් කරමු.


ගෞරවනීය ශ්‍රී සාංඝීකාරාමාධිපති කරඳන ධම්මිස්සර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා ලබමින් මෑත යුගයේ ප්‍රධානාචාර්ය හිමියන් ඇතුළු චන්දජෝති දහම් ගුරු මණ්ඩලය මෙහි දියුණුව සඳහා දැඩි උනන්දුවෙන් හා කැපවීමෙන් ක්‍රියා කරයි.



ශ්‍රී සාංඝීකාරාමාධිපති
ගෞරවනීය කරඳන ධම්මිස්සර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ









වර් තමානය වන විට සිසු දරු දැරියන් 300 ක් පමණ මෙහි අධ්‍යාපනය ලබන අතර ආචාර් ය මණ්ඩලයේ ගුරු මහත්ම මහත්මීන් 15 ක් පමණ සේවය කරයි.
තවද ඇහැළිගොඩ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දහම් පාසල් අතුරින් ප්‍රමුඛස්ථානයක් ලබාගෙන කීර් තිමත් දහම් පාසලක් ලෙස සලකන බවද පැවැසිය යුතුය.







No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.