ශ්‍රී චන්දජෝති දහම් පාසල
අතීතයෙන් බිඳක්...
ශ්‍රී සංඝීකාරාම මහා විහාරස්ථානයේ විහාරාධීෂ්වර ව වැඩ විසූ පූජ්‍ය මාපොටේ චන්දජෝති ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් , විහාරස්ථ ශ්‍රී සංඝමිත්තා කුළඟන සමිතියේ අනුග්‍රාහකත්වයෙන් 1961.05.20 වැනි දින කරඳන බාලිකා විද්‍යාලයේ දී ශ්‍රී සංඝමිත්තා දහම් පාසල නමින් සුභ මොහොතින් ආරම්භ කරන ලද දහම් පාසල , 1977 දී පූජ්‍ය මාපොටේ චන්දජෝති පණ්ඩිත ස්වාමීන් වහන්සේ අපවත් වීමෙන් පසුූ උන්වහන්සේට උපහාර පිණිස , අභිනව විහාරාධිපති පදවියට පත් වූ පූජ්‍ය කරඳන ධම්මිස්සර හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි කරඳන ශ්‍රී චන්දජෝති දහම් පාසල යනුවෙන් නාමය සංශෝධිත ව වසර 65 ක සාඩම්බර ඉතිහාසයකට උරුමකම් කියමින් ප්‍රදේශයේ දරු දැරියන් සදහම් සිසිලෙන් නහවමින් ,ඇහැලියගොඩ ශාසනාරක්ෂක මණ්ඩලයේ ඉදිරියෙන් ම රැඳෙමින් දහම් රස බෙදාදීමේ උතුම් මෙහෙවරක යෙදී සිටී.
ගොඩගම පී.ජයසිංහ, දම්මුල්ලේ ජයවර්ධන ස්කෝලේ හාමිනේ , ඥාණවතී පීරිස් මහත්මීන් පුරෝගාමී ගුරු භවතුන් ලෙස කෘතවේදීත්වයෙන් සිහි කළ යුතු අතර කීර්තිමත් විදුහල්පති වරුන් වන එම්.ඒ.සුමනපාල, එල්.එච්.ජිනදාස හේවගේ, කේ.එන්.ඩී.චන්ද්‍රසේන, ඇල්. ඒ විමල් වැනි ප්‍රධානාචාර්‍යවරුන්ගේ ව්චක්ෂණශීලී පරිපාලනය හේතුවෙන් ක්‍රමවත් ව ,විධිමත් ව ශ්‍රී චන්දජෝති දහම් පාසල ගොඩනැගුණු අතර ඊ.වෙත්තසිංහ, එල්.පතිරණ මෙනවියන් සහ ආරියවතී දැඩිගමුව මහත්මිය දීර්ඝකාලීන ව දහම් ගුරු සේවාව දහම් පාසල වෙත ලබා දුන් බව කෘතවේදීත්වයෙන් සිහි කරමු.
අපවත් වී වදාල ශ්‍රී සාංඝීකාරාමාධිපති
ගෞරවනීය කරඳන ධම්මිස්සර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
මේ වනවිට විහාරාධිපති පූජ්‍ය වීරවිල සුමංගල ස්වාමීන් වහන්සේ ප්‍රධානාචාර්‍ය ධූරයේ වගකීම උසුලන අතර ,උප ප්‍රධානාචාර්‍ය මෙහෙවර සුනිල් ඊ ගුණසිරි මහතා විසින් ඉටු කෙරේ.ධර්මාචාර්ය ,දහම් පාසල් අවසාන විභාගය ,දහම් ගුරු විභාගය සමතුන් ,දහම් සරසවි ඩිප්ලෝමාලාභීන් සහ විශ්‍රාමික සහ දැනට සේවයේ නියුතු උපාධිධාරී රජයේ ගුරුවරුන් ඇතුළු පළපුරුදු, උගත් ගුරු මණ්ඩලය දරුවන් ණැනයෙන් සහ ගුණයෙන් සුපෝශණය කරමින් අනාගත යහපත් සමාජයක පෙර නිමිති තනමින් සිටී.සිසු නිපුණතා අගැයුම් සමස්ත ලංකා ජයග්‍රහණ ,ශ්‍රේණි විභාග දස්කම් දක්වන දරුවන්ගේ කථන,ගායනා, රංගන කුසලතා, නායකත්ව පුහුණු හැකියාවන් ඔප මට්ටම් කරමින් උතුම් මෙහෙවරක නියැලෙන දහම් පාසල් ගුරු උතුමන්, උත්තමාවියන් අපගේ සම්භාවනාවට පාත්‍ර වේ.
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.