Monday, November 2, 2015

උතුම් සම්බුදු තෙමගුල...


සල් වන උයනෙහි නන් විසිතුරු මැද 
සුවඳ මලක් පිපුණා -දෙව් බඹ සාදුකාර නැගුණා 
සසර දුක කෙලවර වනු දැනුණා 
සත් පියුමන් පිපුනා -බෝසත් කුමරුන් පිළිගැනුණා 

සහසක් කප් කල් පැවතුනු මොහඳුරු 
තිමිර පටල පිසදා -ගයා හිස ආලෝකය නැගුනා 
බුදු රැස් තිලොවම එකළු කළා 
සිව් සත විවර වුනා -නිවනෙහි රුවන් දොරටු හැරුණා 

ලොවට නිවන් මග පෙන්වූ මෙහෙවර
කළ කිස නිම වූ දා -පහන් ටැඹ දිලුනු පහන නිවුණා 
සමිඳුන් පිරිනිවනින් නිවුනා 
අකලට පිපි මල් පරවී වැටෙමින් අනියත පළකෙරුනා 


පද රචනය:- සුනිල් ඊ ගුණසිරි
නියෝජ්‍ය විදුහල්පති : චන්දජෝති දහම් පාසල

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.