Tuesday, October 13, 2015

නිවේවා සියලු සිත්...


පන්සලේ විහාරේ පින්බිමේ
නිවුණු වත දකින සිත පින් පිරේ
පායන්න පෝය සඳ නුබ විලේ
ආලෝකයක් වෙලා සුපින් සිතුවිලි පිරුණු ජීවිතේ
පීදෙන්න කුසල් කෙත් හදවතේ
මුදිතාව කරුණාව මිතුරුකම
පිළිසිඳුණු මුදු සිතේ
ගලනු රන් දහම් ගඟ
දස අතේ
තෙමනු දුක් දුරු කතර
නිවේවා සියලු සිත් ලෝකයේ...


-සුනිල් ඊ ගුණසිරි-
නියෝජ්‍ය විදුහල්පති : චන්දජෝති දහම් පාසල

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.